This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday 24 November 2015

රුසියානු යානය බිම හෙලීම; අර්බුදය තවදුරටත් තීව්‍ර කිරීමක්ද ?

තුර්කිය සිරියාවේ ප්‍රහාරයන් සදහා සහභාගීවූ රුසියානු ප්‍රහාරක යානයක් බිමහෙලීම අද බටහිර රටවල ප්‍රධාන පුවත් සිරස් තලයක් වී තිබේ. බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ජාතික පුවත්පත් මෙම සිද්ධිය පිලිබදව ඉතාමත් විමතියෙන් බලාසිටින බවක් පෙන්වන්න අතර එය රුසියානු ජනාධිපති පුටින්ගේ ඊලග පියවර කුමක් වියහැකිද යන්න ගැනද දක්වනුයේ එවැනිම ආකල්පයකි. 

පසුගිය කාලේ පුරාම රුසියානු ජනාධිපති පුටින්ගේ වීරවික්‍රම සහ ඔහු කියූ ලෙස 'තමාගේ කාරීය ත්‍රස්‌තවාදීන් දෙවියන් වෙත යැවීමයි' ආදී වහසි බස් හොද හැටි ඇසු ශ්‍රී ලාංකිකයන්ට දැන් ඔහු කෙතරම් බුධිමත් රාජ්‍ය පාලකයෙක්ද, රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් කෙතෙක් උදාරද යන්න උරගා බැලීමට අවස්ථාවක් ලැබී ඇත. 

පුටින් සහ බටහිර ලෝකය අතර විශාල විරසකයක් තිබේ. ඒ බටහිර ලෝකය බලාපොරොත්තුවන තරම් ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් කරමින් රුසියාව 'නුතන ගෝලීය ප්‍රාග්ධන සමුච්චන' ක්‍රියාවලියට සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එකතුනොවීම නිසා බව පැහැදිය. එහෙත් පුටින් ක්‍රියාත්මක කරමින් ඇත්තේ එම ධනේශ්වර ක්‍රියාකාරීත්වයට එරෙහි සමාජවාදී වැඩපිලිවලක්වත්, සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිලිවලක්වත් නොවේ. ඒ වෙනුවට කරනුයේ ඔහු තෝරාගත් මිතුරන් කිහිපයගේ කොම්පැනි තරකරමින්, සිය අත්මානුසාරීත්වය තහවුරුකරන, අර්ධ-අධිකාරි පාලනයකි. ඔහුට බටහිර ලෝකයේ ආර්ථික සහ දේශපාලන ක්‍රියාකාරීත්වය පෙනෙනුයේ තමා සහ සිය රුසියාව වැටලීමට බලාසිටින වෘකයන් පෙළක් ලෙසිනි. ඒහින් ඔහු රුසියානුවන් ජාතිකවාදී හැගීම්වලින් පුරවමින් පැරණි සෝවියට් දේශයම සිය වසගයට ගැනීමට උත්සහකරමින් සිටී. වරක් ජෝර්ජ්යාවටද, අනතුරුව යුක්රේනියාවටද ඔහු සිය යුද්ධබලය යොදවීමට ක්‍රියාකලේ ඒහේනි. 

බටහිර, පුටින්ගේ මෙම හයිකාරම්වලට ප්‍රතිචාර දැක්වුයේ තරමක් ප්‍රවේශම් සහගතවය. ඒ රුසියානු න්‍යෂ්ඨික ශක්තිය ගැන සහ පුටින්ගේ දේශපාලනික හැසිරීම ගැන බටහිරට ඇති තක්සේරුව නිසාය. මෙම තත්වය යුක්රේන අර්බුධදේදී වඩා හොදින් ඉස්මතුවූ අතර බටහිර ප්‍රතිචාරය පුටින්ගේ රුසියාව අර්ථකථනය කලේ බටහිරයන් රුසියාව හමුවේ බෙලහීන ලෙස හෝ ඔවුන්  රුසියාව හමුවේ හැකිලෙන බව සෙසු ලෝකයට ඒත්තුයන ලෙසය. 

එහි ඊලග වර්ධනයවුයේ, රුසියාව  සිරියාවේ අර්බුධයට අතපෙවීමය. ඉරාකයෙන්, ඉරානයෙන්, ලිබියාවෙන් සහ මැද පෙරදිග සහ ලෝකයේ අනෙකුත් බොහෝ ප්‍රදේශවලින්ද විශාල පසුබැසීම්වලට පත් බටහිර ක්‍රම උපායන් සිරියවේදීද එවැනිම තත්වයකට පත්විය. එහෙත් රුසියාව ඒ කිසිවක් ගැන නොසලකමින් සිරියාවට දිගට හරහාට ප්‍රහාර එල්ලකරන ලදී. 

එහෙත් ඒ වීරයාට ප්‍රතිචාර දෙකකටම දැන් මුහුපෑමට සිදුවිය. එකක් නම්  රුසියානු මගී ගුවන් යානය පිපිරීමයි. එය සීතලට ගුලිවී සිනා රුසියානුවන්ගේ මධ්‍යධරණීය සහ රතුමුහුදේ  නිවාඩු නිකේතවල ගතකිරීමට සිතා සිටි  සිහිනය වනසා දමන ලදී. අනෙක නම් දැන් තුර්කිය රුසියානු ප්‍රහාරක යානය බිම දැමීමයි. 

අවාසනාවකට, ප්‍රංශ ප්‍රහාරයත් සමග ලෝකයම IS ත්‍රස්තයන්ට විරුද්ධව නැගී සිටියද,  IS ත්‍රස්තයන්ට දිගට හරහාට ප්‍රහාර එල්ලකරන පුටින්ගේ රුසියාවේ ප්‍රහාරක යානයකට එල්ලවූ ප්‍රහාරය ගැන ශෝකය පලකිරීමට කිසිම රාජ්‍යක් ඉදිරිපත් නොවේ. 

පුටින්ගේ රුසියාවට දැන් මුහුණපෑමට සිදුව ඇත්තේ අත්පොළසන් දීමට දහසක් දෙනා ඇතත්, තමා මුහුණපා ඇති අනතුරේදී තමා සමග එකට සිටීමටවත් කිසිවෙකුවත් නොමැතිවීමයි. රුසියාවේ වීරයා ලෙස සිටින පුටින්ව ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සමානකල ඇතමෙක්ටද අද සිතා බැලීමට ඇත්තේද එම ප්‍රශ්නයමය.

කෙසේවුවද, දැන් රුසියාව තවදුරත් චන්ඩියා ලෙසම ඉස්සරහට යනවාද ? නැතිනම් 'පාට්' එකක් දමා පස්සට යනවාද? නැතිනම්, පුටින්ගේ චන්ඩිකම් මට්ටු කිරීමට බටහිර මින් පොටක් පාදා ගන්නේ යැයි යන්න ගැන දැන් ලෝකය බලාසිටී. 

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
25/11/15. 

2 comments:

  1. http://nelumyaya.com/?p=4669
    රටවල් ශෝකය ප්‍රකාශ නොකර කියන්නේ නැටෝ රටවල්. සෙබලෙක් මැරුණා කියල සාමාන්‍යයෙන් රටවල් ශෝකය ප්‍රකාශ කරන්නේ නැහැ. ඩේලි මේල්, ටෙලිග්‍රාෆ් වගේ පත්තර විතරක් නෙවේ ගාර්ඩියන් වලත් යන ලිපිවල කොමෙන්ට් බලන්න. බ්‍රිතාන්‍යයේ හා ජරමිනිය වැඩි හරියක් මිනිස්සු පුටින්ට පක්ෂව තුර්කියට විරුද්ධව කොමෙන්ට් දාන්නේ. රුසියාව වැරදි තමා මෙතැන. නමුත් එඩොගන් ගේ අයිසිස් ඩිල් මිනිස්සු දන්නවා.

    ReplyDelete
  2. හෙල්ලෝ අජිත්, ඔව් මමත් දැක්කා තුර්කියට විරුද්ධව තමයි වැඩි හරියක් කොමෙන්ට් දාලා තිබුනේ !!!

    ReplyDelete