This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 26 November 2015

බාහු මාරු, අපි අමාරු !!!


ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාට අවශ්‍යව තිබුනේ නම් ලෝකයේ ඕනෑම ප්‍රධාන විශ්ව විද්‍යාලයක ඉහල වැටුපකට 
සේවය කිරීමට ගොස් බොහෝ වරප්‍රසාද සහිත කීර්තිමත් මහාචාර්යවරයෙක් ලෙස වැජබීමට තිබුණි. 
එහෙත් ඔහු ඒවෙනුවට තෝරාගත්තේ සමාජය වඩා යහපත් තැනක් කිරීමේ දුෂ්කර සටනය. 
එය ඔහුට අත්කර දුන්නේ දිළිකමත්, නින්දාවත්, ප්‍රතික්ෂේප කිරීමත් සහ මෙලෝ අවබෝධයක්වත් නොමැති එවුන්ගෙන් 
 පවා එල්ලවූ  ගැරහීම පමණි.  
එහෙත් 
ශ්‍රී ලාංකීක සමාජයටත්, එහි අභිවෘද්ධියටත්, 
ලාංකීක මෙන්ම ලෝක සමාජවාදී ව්‍යාපාරයටත් 
ඔහු එකතුකළ දෑ බොහෝය. 
විධායක ජනාධිපතිධූරයට එරෙහිව සටනට බැසි ප්‍රථමයා වූ ඔහු,
 ලාංකීක සමාජයේ
ජාතීන්ගේ සමාන අයිතිය පිළිගැනීම වෙනුවෙන් 
කුමන තත්වයක් යටතේ වුවද, කිසිසේත්ම පවා නොදුන් සටනක  නිරතවූ, දේශපාලන වරදාන, වරප්‍රසාදවලට  යටනොවූ එකම දේශපාලඥායාය. 
ඔහුගේ දේශපාන මතවාද ගැන 
අපට කෙතෙකුත් වාද, විවේචන තිබිය හැකිමුත් 
කිසිසේත්ම ඔහුගේ කැපවීමත්, කැපකිරීමුත් පිලිබදව ගෞරවයේ 
කිසිදු අඩුවක් තිබිය නොහැක. 
ඒ මන්දයත්,
සෑමවිටම අන් අයගේ  යුක්තිය සහ සාධාරණත්වය  වෙනුවෙන් 
සටන්කළ 'බාහු' වෙනුවෙන්ද  යුක්තිය සහ සාධාරණත්වය
හිමිවිය යුතු බැවිනි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා.
26/11/2015.

3 comments:

  1. ඔව් කතාව අැත්ත..... ඔහු සුපිරි බුද්ධිමතෙක්.... ලංකාවෙන් බිහිවූ ඉහළ ම බුද්ධිමතෙක්.... නමුත් ගැටලුව අැත්තේ රටට ඔහුගේ දේශපාලනයෙන් ලැබිය හැකි වූ දේ පිළිබද ව ය. නලීන් සිල්වා වැනි බුද්ධිමතුන් සම්බන්ධයෙන් ද මේ තත්වය ඒසේමය.....

    ReplyDelete
    Replies
    1. නලින් ද සිල්වත් එහෙම තමයි. මොන අවාසි වුනත් තමන් දරන මතය වෙනුවෙන් පෙනී සිටියා.

      Delete