This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 3 March 2016

මේ ආණ්ඩුවෙත් ගෝනි නැතිව කරේ යන මිතුරනි, අපි ගොවීන් නොවී උයන්පල්ලන් වෙමුද!!!

ගොවියාගේ සහ උයන්පල්ලාගේ වෙනස සරලය. ගොවියා ඉතා දුක්මහන්සියෙන්, අවදානමක් ගෙන, වෙහෙසවී වැඩ කොට, බවබෝග සාදා යම් මිලකට ඒවා අලෙවිකර ඕනෑ කරන අඩුම කුඩුම ටික ගෙන කාබී සිය ජීවිතය සන්තර්පණය කරගනිති. එහෙත් උයන්පල්ලාගේ කාර්යය එයට වෙනස්ය. හේ උයන අලංකාරව පවත්වාගෙනයෑම සිදුකරයි. එයින් ලැබෙන යමකින් සිය ජීවිකාව ගෙවූවද, ඔහු බවබෝග, මල්, පලතුරු වවන්නේ ගොවීන් මෙන් ඒවා විකුණා තමන්ට ඕනෑ කරන අඩුම කුඩුම ගෙන සිය ජීවිතය සන්තර්පනය කරගැනීමට නොවේ. උයන අලංකාරව තබා ගැනීම උයන්පල්ලාගේ පරම අරමුණ වන අතර උයන මල් පලතුරුවලින් යුතුව අලංකාරව පවතින තාක්කල් ඔහුගේ ජීවිකාව ස්තීරය. එය අන් අයගේ ජීවිතවලට ද සතුට ගෙනදේ. 

සමස්ථයක් ලෙස පසුගිය දශක ගනනාවේ ලංකාවේ රාජ්‍ය නොවන මෙන්ම සිවිල් සමාජ දේශපාලන ක්‍රියාකාරිත්වයන්ද (ඉතාම කිහිපයක් පමණක් හැරනු කොට) සියල්ලම පාහේ එක්තරා ආකාරයට  කටයුතුකර ඇත්තේ ඉහත සදහන් කල ගොවීන් ලෙසය. ඔවුන් ඉතා දුක්මහන්සියෙන්, අවදානමක් ගෙන, වෙහෙසවී වැඩ කොට ගොඩනගාගත් සිය දේශපාලන ව්‍යාපෘතිය අවසානයේ බලයට පත්වන රජයකට උකස්කර සිය පෞද්ගලික ජීවිතයේ උවමනාවන් සන්තර්පණය කරගනිති. ධනය, බලය, කීර්තිය වෙනුවෙන් සිදුකරන මෙම කටයුත්තේදී ඔවුන් එතෙක් පෙනීසිටි යහපත් පරමාදර්ශ වෙනුවෙන් ගොනුවූ පිරිස් ඌරන්, කුකුලන් එළුවන් සහ හරකුන් ලෙස මස්කඩවලට දක්වති. 

මේ බව ඉතා හොදට 1989 දී ගොඩනගාගත් 'අතුරුදහන්වූවන්ගේ මාපිය දූදරු සංගමය'ට 1994 දී චන්ද්‍රිකාගේ ආණ්ඩුව බලය පත්වීමෙන් පසුව සිදුවූදෙය විමසා බැලීමෙන් වටහාගත හැක. එහි නායකත්වය චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ විවිධ තනතුරු සහ වරප්‍රසාද ගෙන සිය  පෞද්ගලික ජීවිතයේ උවමනාවන් සන්තර්පණය කරගත් අතර යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් ඔවුන් වටා එක්වූවන්ට යනඑනමන් නැති කළහ. එහෙත් වසර කිහිපයකට පසුව ඉහත නායකත්වයටද එයම සිදුවූබව නොකියමනාය. පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ අකටයුතුකම්වලට, අවනීතියට එරෙහිව යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන්, උදාර පරමාදර්ශ වෙනුවෙන් පෙළගැසුන රාජ්‍ය නොවන මෙන්ම විවිධ සිවිල් සමාජ ක්‍රියාකාරීත්වයන්ටද අද සිදුවෙමින් පවතින්නේ එයමදැයි සාධාරණ සැකයක්‌ මතුවේ. එහි නායකයන්, විවිධ ක්‍රියාකාරීන් තවමත් නිල තනතුරුවලට නොගියද, යම් යම් වරප්‍රසාද භුක්තිවිදිමින්:

 "නිර්මාල් මේක විප්ලවයක් ලෙස හදුන්වා දෙනවා... ඉතින් විප්ලවයක් නම් අපි මේක ආරක්ෂාකරගන්න ඕනෑ නේ.."

"මම කියන්නේ, අපි යම් යම් විවේචන කරමින්, මේ ආණ්ඩුවට අවුරුදු පහක් කරන් යන්න ඉඩදෙන්න ඕනෑ....."  

ආදී ලෙස කියමින් මේ කරන්නේ ගෝනි නැතිව UNP යේ (ආණ්ඩුවේ) කරේ නැගීමය. එයින් අවසාන වශයෙන් සිදුවෙන්නේ ඔවුන් මෙතෙක් පෙනීසිටි උදාර පරමාදර්ශයන් පෙරටුකරගත් සිය දේශපාන ව්‍යාපෘතින් දියවීයෑම හෝ ආණ්ඩුවට  සින්නවී යාමය. එයින් තාවකාලිකව යම් යම් පෞද්ගලික ප්‍රතිලාභ අත්කරගත් හැකිවුවද, එවැනි චරිතවලට ඉතිහාසයේ හිමිතැන කොතැනද යන්න පැහැදිලිය. 

එහින් මිතුරනි, සමාජය වඩා යහපත් තැනක් කිරීම සදහා අපි ගොවීන් මෙන් නොවී උයන්පල්ලන් වෙමු !!!!
මාකස් ප්‍රියන්ත පෙරේරා.
03/03/2016.

*ඉංග්‍රීසී චිත්‍ර ශිල්පී John William Waterhouse විසින් 1916 දී අදින ලද, ලීවර්පුල් කලාගාරයේ ඇති The Enchanted Garden නම් චිත්‍ර දෙක. John William Waterhouse ගේ මෙම චිත්‍ර දෙක පදනම් වී ඇත්තේ 1351දී ලියවී ඇති The Decameron නම් ග්‍රීක නවකථාවේ චරිතය.

4 comments:

  1. මාක්ස් ප්‍රියන්ත පෙරේරා, ගොවියන්ට තම බවබෝග විකුණගන්න ආණ්ඩුව හැරෙන්න වෙන කෙනෙක් නැතිකමනෙ වැඩේ. උදාර පරමාර්ථ තිබ්බට ඒවා ක්‍රියාවට නංවන්න බැරි හුවමාරුව කා සමඟ පමණක් විය යුතුදැයි කළින්ම තීරණය වී තිබීමනෙ වැඩේ! :D

    ReplyDelete
  2. ඔයාට මේ ලියලා තියෙන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ අරුණි. ආපහු කියවලා බල්ලන -වචන නෙමෙයි!!!!

    ReplyDelete
  3. කරන්න දෙයක් නෑ මාකස් - මේක එන් ජී ඕ ව්‍යාපෘති වල ඉන්හරන්ට් දෙයක් - මහින්ද යුගයේ එන් ජී ඕ පවා අවංකවම මේ රටේ සිවිල් සමාජය නියෝජනය කළේ නැහැ - මට මතකයි එක ඉංගිරිසි කතුවරයක් කියනවා "සිවිල් සමාජය සිවිල් සමාජයෙන් ගලවා ගනිමු" කියල -

    ReplyDelete
  4. එක ඇත්ත කියලා දැන් සුදර්ශන පෙන්වා තියෙනවා.

    ReplyDelete